අනියම් පෙම්වතා එක්ක පැන යන්න අවුරුදු තුනේ දියණිය මරා ගමන් මල්ලක සඟවලා

වයස අවුරුදු 03ක සිය දියණිය ඝාතනය කර ගමන් මල්ලක් තුළ දමා සැඟවූ කාන්තාවක් පිළිබඳ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

බිහාර් ප්‍රාන්තයේ මුසාෆර්පූර් ප්‍රදේශයේ ගමන් මල්ලක තිබී පසුගිය සෙනසුරාදා දැරියකගේ මළ සිරුරක් සොයාගැනීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයක දී මෙම අපරාධයේ සුලමුල අනාවරණය කර ගැනීමට හැකිව තිබෙනවා.

විමර්ශනය කරන නිලධාරීන් විසින් මියගිය දැරියගේ මව සොයාගැනීමෙන් අනතුරු ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී මෙම අපරාධය සම්බන්ධයෙන් හෙළිකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාව තම සැමියා සිටියදීම වෙනත් පුද්ගලයෙකු සමඟ අනියම් සබන්ධතාවක් පවත්වා ඇති අතර, සැමියා අතහැර ඔහු සමඟ යෑමට ඇයට අවශ්‍ය වී තිබෙනවා.

තම අවශ්‍යතාවය පෙම්වතාට පැවසීමත් සමඟ, තමන් දියණිය ද සමඟ පැමිණීම ගැන පෙම්වතා අකමැත්ත පළකර ඇති බවයි සැකකාර කාන්තාව පොලිසියට පවසා ඇත්තේ.

ඒ, හේතුවෙන් තමන් දැරියගේ ගෙළ කපා සිරුර ගමන් මල්ලක දමා පඳුරක සැඟවීමට කටයුතු කළ බව අදාළ කතාව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබෙනවා.

මේ අතර ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වන ‘Crime Patrol’ නරඹා තම දියණියගේ ඝාතනය සැලසුම් කළ බවයි එම කාන්තාව පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.

ප්‍රශ්න කිරීම්වල දී කාජල් නැමැති සැකකාර කාන්තාව පොලිසියට පවසා ඇත්තේ තමන් පසුගිය වසර දෙකක පමණ කාලයක සිට මෙම අනියම් සබඳතාව පැවැත් වූ බවයි.

මේ අතර අධිකරණ වෛද්‍ය කණ්ඩායම කැඳවා නිවස පරීක්ෂා කිරීමේ දී නිවසේ බිම තිබූ ලේ සලකුණු සොයාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
3
+1
6
+1
39
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08