අනියම් පෙමට ලොල් වී, අල්ලස් ගෙන විශේෂ කාර්ය බලකායේ නමට කලු පැල්ලමක් එක් කරන කෙරුමා ගැනයි මේ

මානව සම්පත් කළමනාකරණ ඒකකය යනු ඕනෑම ආයතනයක කොඳු නාරටිය කිවහොත් නිවැරදි ය. එහෙත් අද අපගේ මාතෘකාව වන්නේ පොලිස් විශේෂ කාර්ය බලකායේ කොඳු නාරටිය සම්බන්ධයෙනි. එම අංශයේ සිටින උසස් නිලධාරියෙකුගේ දූෂිත ක්‍රියා හේතුවෙන් මේ වන විට උසස් නිලයේ සිට පහළ නිලය දක්වා නිලධාරීන් කලකිරීමට පත් වී තිබෙන බව විශේෂ කාර්ය බලකා ආරංචි මාර්ග පවසති. අනියම් පෙමට ලොල් සහ අල්ලස් ලෙස තුටු පඩුරු ලබා ගන්නා බව කියන මෙම නිලධාරියා තමාගේ පෙම්වතියගේ ඕනෑ එපාකම් මත නිලධාරීන් ස්ථාන මාරු කිරීම් සිදුකරනු ලබන ද වාර්තා වෙයි.

මේ වන විට පොලීස් විශේස කාර්ය බලකායේ කොඳුනාරටිය පාලනය වන්නේ කාන්තාවක් මතින් බව කිවහොත් නිවැරදිය. මූලස්ථානයට කොඩිවිනයක් යැයි කියා පුවත් මැවූ සිවිල් නිලධාරිනිය ද මේ වන විට සිය අණසක පතුරුවා තිබේ. පණ්ඩිතයකු ට විටක් කන්නට ගිය විටදී සිදුවන අකරතැබ්බ බොහෝය. එම කතාව මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත ගැළපෙනු ලබයි. චෝදනාවට ලක්වන උසස් නිළධාරියාගේ අමන ක්‍රියාපිළිවෙත හේතුවෙන් නිලධාරීන් රැසක් බලකාය හැරයාමේ සූදානමක් පවතී. එය ඉතාමත් කේදනිය තත්වයකි.

පාතාලය මර්දනය, මත් කුඩු උවදුර තුරන් කිරීම වැනි කටයුතු වලින් අංක එකට පැමිණ තිබුණද මේ වන විට මෙවැනි දූෂිතයින් නිසා දිනෙන් දින බලකායේ පිරිහීමට පත්වී තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ඩී අයි ජී වරුණ ජයසුන්දර මහතා ඉතාමත් අවංක නිලධාරියෙකි. එහෙත් ඔහුට මේ පිළිබඳව තොරතුරු වාර්තා වී නොමැති බව පෙනී යයි. පොලිස් විශේෂ කාර්ය බලකා සියළුම නිළයන් අණදෙන නිලධාරී වරයාගෙන් ඉල්ලා සිටින්නේ සුදුස්සාට සුදුසු තැන ලබාදී බලකාය දූෂිතයන්ගෙන් බේරා දෙන ලෙසටයි.

චෝදනාවට ලක්වන නිලධාරියාගේ ඉඩම්වලට පස් සැපයුවේ කවුද? එම ඉඩමට බහිරව පූජාව තබා කේන්දර නැකත් බැලුවේ කවුද? ඒ සියලුම අයට වරප්‍රසාද ලැබුණෙ කෙසේද ?අනියම් පෙම්වතියන්ගේ පුරාණ ප්‍රේම කතා කෙසේද ?එය විශේෂ කාර්ය බලකායට බලපෑවේ කෙසේද? යන කරුණු සියල්ලම පොලිසියේ බුද්ධි අංශ විසින් සොයා බැලිය යුතුය. ඒවා සොයා බලා උසස් නිලධාරීන්ට වාර්තා කිරීමෙන් දිනෙන් දින පිරිහීමට පත්වන පොලිස් යන නාමය ආරක්ෂා කිරීමට හැකිවන බව නොඅනුමානය.

අප මේ අනාවරණයන් කරන්නේ කිසිවෙකුත් සමග තිබෙන පුද්ගලික අමනාපයකින් නොවන අතර මෙහි මූලික පරමාර්ථය වනුයේ පෙන්වනු ලබන අඩුපාඩු නිවැරදි කර මහජනතාවට සේවයක් ලබා ගැනීමයි. මාධ්‍යවේදීන් වන අපගේ එය යුතුකමක් සහ වගකීමක් බව නැවතත් ඔබට මතක් කර දීමට කැමැත්තෙමි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44