අනිද්දා සිට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් (වීඩියෝ)

76 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් අනිද්දා (29) දිනයේ සිට ලබන පෙබරවාරි 02 වනදා දක්වා කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.

රථවාහන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ අද (27) පෙරවරුවේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

ඒ, අනුව කොල්ලුපිටිය සිට කොළඹට ඇතුළුවන වාහන සීමා කිරීමට සිදුවන බව සඳහන් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා කොළඹ කොටුව සෙරමික් හන්දියේ සිට ගාලු පාර ඔස්සේ පිටවීම සම්බන්ධයෙන් ද වාහන සීමා කිරීමක් සිදුවන බවයි පැවසුවේ.

පෙරවරු 6.00 සිට පෙරවරු 8.30 දක්වා මෙම මාර්ග වසා තබන අතර, පෙරවරු 11.00 සිට දහවල් 12.30 දක්වා ද එම මාර්ග යළිත් නිදහස් දින සැමරුමේ පෙරහුරු වෙනුවෙන් වසා තබන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මාර්ග එලෙස වසා තබන කාලසීමාව තුළ රියදුරන්ට භාවිත කළ හැකි විකල්ප මාර්ගයන් සම්බන්ධයෙන් ඉරිදියේ දී දැනුම්දීමට නියමිත බව ඔහු සඳහන් කළා.

මේ අතර පෙබරවාරි 03 වනදා පස්වරු 2.00 සිට, නිදහස් උත්සවය පැවැත්වෙන උත්සව භූමිය පිහිටි ප්‍රදේශයේට කිසිඳු වහනයක් ඇතුළත්කර ගැනීමක් සිදුනොකරන බව ද පොලිසිය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46