spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අනිද්දා සිට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් (වීඩියෝ)

76 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් අනිද්දා (29) දිනයේ සිට ලබන පෙබරවාරි 02 වනදා දක්වා කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.

රථවාහන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ අද (27) පෙරවරුවේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

ඒ, අනුව කොල්ලුපිටිය සිට කොළඹට ඇතුළුවන වාහන සීමා කිරීමට සිදුවන බව සඳහන් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා කොළඹ කොටුව සෙරමික් හන්දියේ සිට ගාලු පාර ඔස්සේ පිටවීම සම්බන්ධයෙන් ද වාහන සීමා කිරීමක් සිදුවන බවයි පැවසුවේ.

පෙරවරු 6.00 සිට පෙරවරු 8.30 දක්වා මෙම මාර්ග වසා තබන අතර, පෙරවරු 11.00 සිට දහවල් 12.30 දක්වා ද එම මාර්ග යළිත් නිදහස් දින සැමරුමේ පෙරහුරු වෙනුවෙන් වසා තබන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මාර්ග එලෙස වසා තබන කාලසීමාව තුළ රියදුරන්ට භාවිත කළ හැකි විකල්ප මාර්ගයන් සම්බන්ධයෙන් ඉරිදියේ දී දැනුම්දීමට නියමිත බව ඔහු සඳහන් කළා.

මේ අතර පෙබරවාරි 03 වනදා පස්වරු 2.00 සිට, නිදහස් උත්සවය පැවැත්වෙන උත්සව භූමිය පිහිටි ප්‍රදේශයේට කිසිඳු වහනයක් ඇතුළත්කර ගැනීමක් සිදුනොකරන බව ද පොලිසිය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?