Empty Ad
AFC Banner
Empty Ad

අනාගත ව්‍යාපාරික අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාව වේදිකාවක් කරගන්න – චීනයට ඇරයුම් (ඡායාරූප)

තරගකාරි හරිත සහ ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව ක්‍රමික ව ඉදිරියට යමින් සිටින බැවින් අනාගත ව්‍යාපාරික අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාව වේදිකාවක් කර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ චීන ව්‍යාපාරිකයන්ට ආරාධනා කර සිටිනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; චීනයේ සිව්දින නිල සංචාරයක නිරත ජනාධිපතිවරයා ඊයේ (16) පස්වරුවේ බීජිං නුවර මෙරට තානාපති කාර්යාලයේ පැවති ආයෝජන, වෙළෙඳ සහ සංචාරක සැසියකට සහභාගී වූ අතර එහිදී මේ බව සඳහන් කළ බවයි.

ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ සහ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන චීන ව්‍යාපාරික සමාගම් රැසක නියෝජිතයන් මෙන් ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

මෙහිදී චීන ව්‍යාපාරිකයන් ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ භූ ගෝලීය පිහිටිම නිසා ආසියා කලාපයට බටහිර වෙළෙඳපොළ ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාව උපයෝගි කර ගැනීමේ විශේෂ අවකාශයක් පවතින බවයි.

ලෝකයේ සෑම බලගතු අර්ථිකයක් සමග ම මිත්‍රශීලී ව කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බවත්, ඒ ඔස්සේ ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැංවීමට කැපවීම තමන්ගේ අරමුණ බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ප්‍රවාහන සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි යන පිරිස් මෙහිදී චීන ව්‍යාපාරික ප්‍රජාව නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නා.

Investment Trade and Tourism Forum 1 scaled
Investment Trade and Tourism Forum 2 scaled
Investment Trade and Tourism Forum 3 scaled
Investment Trade and Tourism Forum 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?