අනාගත ව්‍යාපාරික අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාව වේදිකාවක් කරගන්න – චීනයට ඇරයුම් (ඡායාරූප)

තරගකාරි හරිත සහ ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව ක්‍රමික ව ඉදිරියට යමින් සිටින බැවින් අනාගත ව්‍යාපාරික අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාව වේදිකාවක් කර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ චීන ව්‍යාපාරිකයන්ට ආරාධනා කර සිටිනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; චීනයේ සිව්දින නිල සංචාරයක නිරත ජනාධිපතිවරයා ඊයේ (16) පස්වරුවේ බීජිං නුවර මෙරට තානාපති කාර්යාලයේ පැවති ආයෝජන, වෙළෙඳ සහ සංචාරක සැසියකට සහභාගී වූ අතර එහිදී මේ බව සඳහන් කළ බවයි.

ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ සහ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන චීන ව්‍යාපාරික සමාගම් රැසක නියෝජිතයන් මෙන් ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

මෙහිදී චීන ව්‍යාපාරිකයන් ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ භූ ගෝලීය පිහිටිම නිසා ආසියා කලාපයට බටහිර වෙළෙඳපොළ ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාව උපයෝගි කර ගැනීමේ විශේෂ අවකාශයක් පවතින බවයි.

ලෝකයේ සෑම බලගතු අර්ථිකයක් සමග ම මිත්‍රශීලී ව කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බවත්, ඒ ඔස්සේ ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැංවීමට කැපවීම තමන්ගේ අරමුණ බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ප්‍රවාහන සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි යන පිරිස් මෙහිදී චීන ව්‍යාපාරික ප්‍රජාව නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නා.

Investment Trade and Tourism Forum 1 scaled
Investment Trade and Tourism Forum 2 scaled
Investment Trade and Tourism Forum 3 scaled
Investment Trade and Tourism Forum 4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14