Indian Premier League

අන්තරේ විරෝධතාවයකට කොටුව අධිකරණයෙන් නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (08) සංවිධානය කර තිබෙන විරෝධතාවයකට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්, පුජ්‍ය මැදිරිගිරියේ ඉස්සර ධම්ම හිමි, රශ්මික චමෝද් රණසිංහ, උදාර රණසිංහ සහ තරුෂාන් පියුමන්ත හේරත් යන අයට මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.

කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලිමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම නියෝගය නිකුත්කර තිබෙනවා.

මෙම නියෝගයට අනුව ඔවුන්ට අද (08) පස්වරු 1:00ත් 6:00ත් කාලය තුළ කොටුව පොලිස් වසමේ සෙරමික් හංදියේ සිට NSA වටරවුම දක්වාද NSA වටරවුමේ සිට බාලදක්ෂ මාවත දක්වා ගාලු පාරද, අවහිර නොකරන ලෙස ද, මුදල් අමාත්‍යංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, මහ බැංකුව සහ ජනාධිපති මන්දිරයට ඇතුළුවීමෙන් වළකින ලෙස ද දැනුම් දී ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?