AFC Banner
AFC Banner
Empty Ad

අන්තරාදායක ලෙස ඉන්ධන තොග පිටින් ඇද්ද අයෙක් සියඹලාණ්ඩුවේදී අල්ලයි

අන්තරාදායක ලෙස ඉන්ධන තොගයක් නීති විරෝධී අන්දමින් ප්‍රවාහනය කළ පුද්ගයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල පුද්ගලයා ඊයේ (23) පස්වරුවේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

සැකකරු විසින් නිසි බලධරයකුගෙන් ලබාගත් බලපත්‍රයක් නොමැතිව ප්ලාස්ටික් ටැංකියක බහාලූ ඩීසල් ලීටර් 420ක් සහ පෙට්‍රල් ලීටර් 120ක් අඩංගු ගැළුම් 06ක් අන්තරාදායක ලෙස ලොරි රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටියදීයි අත්අඩංගුවට පත්ව ඇත්තේ.

මොහු සියඹලාණ්ඩුව, දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන්.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සියඹලාණ්ඩුව පොලිස් ස්ථානය වෙත සැකකරු සහ ඉන්ධන තොගය භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?