AFC Banner
Empty Ad
Empty Ad

අන්තර්වාර පාලන ආණ්ඩුවේ අගමැති ධුරයට 05 දෙනෙකුගේ නම් යෝජනා වෙයි

ආණ්ඩුව හා විපක්ෂයට සම්බන්ධ දේශපාලන පක්ෂ විසින් යෝජනා කරනු ලබන අන්තර්වාර පාලන ආණඩුවේ අගමැති ධූරය සඳහා මේවන විට පස්දෙනෙකුගේ නම් යෝජනා වී ඇතැයි වාර්තා වේ.

ඒ එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නිමල් සිරිපාල ද සිල්වා, සමගි ජන බලවේගයෙන් පාඨලී චම්පික රණවක හා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හා පසුගියදා ස්වාධීන වූ පක්ෂ 10 විසින් ඇමති ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් යෝජනා කර ඇතැයි වාර්තා වේ.

මේ අතර, පසුගියදින කිහිපයේදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් යුරෝපා රටවලට සම්බන්ධ නායකයන් හමුවී රටතුළ ඇතිව තිබෙන ආර්ථික තත්ත්වය ගැන පැහැදිළි කිරීම් සිදුකර ඇතැයි ද වාර්තා වේ.

කෙසේවුවද, අන්තර්වාර ආණ්ඩුවක අවශ්‍යතාව මෙන්ම එහි පාලන කාලය සම්බන්ධයෙන්ද මෙහිදී සක්ච්ඡා පවත්වා ඇති බව පැවසේ.

එම ආණ්ඩුවට ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ මන්ත්‍රීවරු පිරිසක් සම්බන්ධ අලුත් ආකාරයේ මෙහෙයුම් අමාත්‍ය මණ්ඩලයක් සකස් කිරීම සම්බන්ධයෙන්ද එජාප නායකයාගේ අවධනය යොමුව ඇති බවත් එය 10 දෙනෙකුට නොවැඩි ලෙස සකස් කළ යුතු බවද ඔහු පෙන්වා දී තිබේ.

මේ අතර, එකකට එකක් සම්බන්ධ වියයුතු අමාත්‍යංශ නැවත සම්බන්ධ කිරීමෙන් විශාල මුදලක් ඉතිරිකළ හැකි බවද ඔහු පෙන්වාදී ඇති අතර එම අමාත්‍යවරුන්ගේ සියලු යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පාර්ලිමේන්තු බහුතරයෙන් සම්මත කර ගැනීමෙන් පසුව ක්‍රියාත්මක කළයුතු බවද වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබේ.

(මූලාශ්‍රය – අරුණ)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
80
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?