අන්තර්වාර පාලන ආණ්ඩුවේ අගමැති ධුරයට 05 දෙනෙකුගේ නම් යෝජනා වෙයි

ආණ්ඩුව හා විපක්ෂයට සම්බන්ධ දේශපාලන පක්ෂ විසින් යෝජනා කරනු ලබන අන්තර්වාර පාලන ආණඩුවේ අගමැති ධූරය සඳහා මේවන විට පස්දෙනෙකුගේ නම් යෝජනා වී ඇතැයි වාර්තා වේ.

ඒ එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නිමල් සිරිපාල ද සිල්වා, සමගි ජන බලවේගයෙන් පාඨලී චම්පික රණවක හා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හා පසුගියදා ස්වාධීන වූ පක්ෂ 10 විසින් ඇමති ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් යෝජනා කර ඇතැයි වාර්තා වේ.

මේ අතර, පසුගියදින කිහිපයේදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් යුරෝපා රටවලට සම්බන්ධ නායකයන් හමුවී රටතුළ ඇතිව තිබෙන ආර්ථික තත්ත්වය ගැන පැහැදිළි කිරීම් සිදුකර ඇතැයි ද වාර්තා වේ.

කෙසේවුවද, අන්තර්වාර ආණ්ඩුවක අවශ්‍යතාව මෙන්ම එහි පාලන කාලය සම්බන්ධයෙන්ද මෙහිදී සක්ච්ඡා පවත්වා ඇති බව පැවසේ.

එම ආණ්ඩුවට ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ මන්ත්‍රීවරු පිරිසක් සම්බන්ධ අලුත් ආකාරයේ මෙහෙයුම් අමාත්‍ය මණ්ඩලයක් සකස් කිරීම සම්බන්ධයෙන්ද එජාප නායකයාගේ අවධනය යොමුව ඇති බවත් එය 10 දෙනෙකුට නොවැඩි ලෙස සකස් කළ යුතු බවද ඔහු පෙන්වා දී තිබේ.

මේ අතර, එකකට එකක් සම්බන්ධ වියයුතු අමාත්‍යංශ නැවත සම්බන්ධ කිරීමෙන් විශාල මුදලක් ඉතිරිකළ හැකි බවද ඔහු පෙන්වාදී ඇති අතර එම අමාත්‍යවරුන්ගේ සියලු යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පාර්ලිමේන්තු බහුතරයෙන් සම්මත කර ගැනීමෙන් පසුව ක්‍රියාත්මක කළයුතු බවද වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබේ.

(මූලාශ්‍රය – අරුණ)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
80
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් හදීසි රැස්වීමක්..ප්‍රබලයින් සෙට් එකක් එක්කම ලොකු කතාවක්
01:17
Video thumbnail
අරුණ ජයසේකරගෙන් ජාවාරම්කරුවන්ට සැර සත්තමක්.."මේවාගෙන් ඉවත් වෙන්න..කිසිම ගැලවීමක් නෑ"
04:11
Video thumbnail
දික්ඕවිට වරායට ගෙනා ධීවර යාත්‍රාවල තිබූ දේ නි.ආරක්ෂක ඇමති හෙළිකරයි..600kgකට අධික ප්‍රමාණයක්
07:45
Video thumbnail
කොහොමද ආයුධ ටික දැක්කමත් පුදුමයිනේ ?පොලිස්පති, අරුණ ජයසේකර, නාවික හමුදාපතිත් ඇවිත්
02:13
Video thumbnail
දකුණු මුහුදේ ඇල්ලූ ආයුධ තොගය විවෘත කර බලන හැටි..යාත්‍රා පරීක්ෂා කිරීමට නාවික හමුදාපතිත් එයි
02:15
Video thumbnail
පිටකොටුවේ මුදලාලි කෙනෙක්ට දීලා ගෙදර යන්න..එයාලා හොඳට කරයි l Tissa Attanayake
06:49
Video thumbnail
අනුර දැන් යන්න ලෑස්ති වෙන්න - ගෝඨාට වුණ දේ අනුරටත් වෙනවා
08:26
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
00:40
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
01:04
Video thumbnail
ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ යාත්‍රාව දික්ඕවිට වරායට
02:30