අන්තර්ජාලය හරහා කෝටි ගණනක මුදලක් වංචාකළ අටක් අත්අඩංගුවට

අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීමකට අදාළව පුද්ගලයින් අටදෙනෙක් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් පිළියන්දල, බණ්ඩාරවෙල, ගාල්ල සහ වාද්දූව යන ප්‍රදේශවලදී පසුගියදා (26) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අන්තර්ජාල බැංකු ගණුදෙනු පහසුකම් යටතේ පුද්ගලික බැංකුවක ගිණුම් දෙකකට අනවසරයෙන් ඇතුළු වී මෙම මුදල් වංචාව සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මොවුන් විසින් එලෙස වංචාකර ඇති මුදල රුපියල් 13,765,000ක් බව සඳහන්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයට ලද පැමිණිල්ලක් මෙම අටදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් අවුරුදු 22ත් 36ත් අතර වයස්වල පසුවන්නන්.

මෙම පිරිස ගාල්ල, වැලිගම, රත්ගම, වාද්දූව හා පට්ටියගෙදර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.

සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (30) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර කිරීමට නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?