Empty Ad
AFC Banner
Empty Ad

අන්තර්ජාලයෙන් විකුණු ලාබාල දැරිය අපයෝජනය කළ විශේෂඥ වෛද්‍යවරයා

15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව හෘද රෝග විශේෂඥ වෛද්‍ය වරයකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා .

වෛද්‍යවරයාට අමතරව අත්අඩංගුවට ගත් සෙසු පුද්ගලයා දැරිය තැන තැන රැගෙන යාමට උදව් කළ තැනැත්තකු බවයි අජිත් රෝහණ මහතා පවසන්නේ .

අද (6) අලුයම හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා බණ්ඩාරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කොළඹට ආසන්න රෝහලක සේවය කරන්නකු බවත් ,සෙසු සැකකරු ඊයේ(5) රාත්‍රියේ කිරිවත්තුඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ

මොවුන් දෙදෙනත් සමග ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 32 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මේ වනවිට රිමාන්ඩ් බාරයට පත්කර තිබෙනවා

මෙම 32 අතරට මාලදිවයින් ජාතිකයෙකුත්, හෝටල් කාමර ලබා දුන් අයත්, වෙබ් අඩවිවල හරහා විකුණු අය,වෙබ් අඩවි අයිතිකරුවන් සහ එහි දැන්වීම් නිර්මාණය කළ අය , දැරියව ප්‍රවාහනය කල අය ,අපයෝජනය කල අය අයිති වන බවත් ඔහු සඳහන් කරනවා

මෙම සැකකරුවන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

එමෙන්ම මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ,ඉදිරියේදී වෙබ් අඩවි පිළිබඳව පුර්ණ විමර්ශනයක් සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
KASTHIRAMA | බටලන්ද දුක් කන්ද කොයිබටද ? විශේෂ කස්තිරම දේශපාලන වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
කුණ්ඩසාලේ බලය සජබය අතට ගනී
11:43
Video thumbnail
හැටන් ස්ටේෂන් එකේ එක විජ්ජුම්බරයයි - අග ඉඳලා මුලට වෙච්ච සිදුවීම මෙන්න
04:49
Video thumbnail
කිරිඇල්ලගේ දුව නුවර බලය අල්ලන වැඩේට අත ගහයි
06:49
Video thumbnail
බටලන්ද වාර්තාව ආවා විතරයි ගැමුණුත් වාර්තාවක් එළියට දායි
14:33
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.14
08:52:42
Video thumbnail
බටලන්ද ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව - මගේ අතට තු#ක්කුව දීලා තියපන් කිව්වා
15:18
Video thumbnail
බදුල්ලේ අල ගොවිය වෙනුවෙන් චාමර හඬ අවදි කරයි
06:35
Video thumbnail
යකෝ මේ වගේ බූරු පුත්තු - ගහන එක ගහපන්කෝ පොඩ්ඩක් ලොකුවට
10:01
Video thumbnail
මහින්දව නගරාධිපති කරන්න නුවරඑළියේ මිනිස්සු පොර කයි - මහින්දව ඉල්ලලා පාරේ නිදියයි
13:01

?