අනවසර විදුලි රැහැනක ගැටී මියගිය පුද්ගලයාගේ සිරුර පාළු ළිඳකට දාලා

පෙබරවාරි මස 06 වැනි දින සිට ඇල්පිටිය පොලිස් වසමේ දෙමටගහකන්ද, නවදගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක පුද්ගලයෙකු අතුරුදන් බවට පෙබරවාරි 14 වන දින එම පුද්ගලයාගේ බිරිඳ විසින් ඇල්පිටිය පොලිස් ස්ථානයට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අදාළ පුද්ගලයාගේ මළසිරුර සොයාගැනීමට පොලිසියට හැකි ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ මෙම අතුරුදන් වූ පුද්ගලයාගේ මෘත ශරීරය දෙමටගහකන්ද ප්‍රදේශයේ ඉඩමක පිහිටි පාළු ළිඳකට දමා පස් දමා වසා තිබිය දී ඊයේ (06) දින පොලිසිය විසින් සොයාගනු ලැබූ බවයි.

අදාළ ඉඩමේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී ඔහු විසින් වනසතුන් දඩයම් කිරීමට අදින ලද විදුලි රැහැනක ගැටී මෙම පුද්ගලයා මියයාම හේතුවෙන් ඔහු විසින් තවත් පුද්ගලයෙකු සමඟ එක් ව මෘත ශරීරය එම පාළු ළිඳට දමා වසා ඇති බවට දැනට සිදුකළ විමර්ශනයේ දි අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ඉඩමේ හිමිකරු හා ඔහුට සහාය දුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 38 හා 46 වයස්වල පසු වන දෙමටගහකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?