අනවසර විදුලි රැහැනක ගැටී මියගිය පුද්ගලයාගේ සිරුර පාළු ළිඳකට දාලා

පෙබරවාරි මස 06 වැනි දින සිට ඇල්පිටිය පොලිස් වසමේ දෙමටගහකන්ද, නවදගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක පුද්ගලයෙකු අතුරුදන් බවට පෙබරවාරි 14 වන දින එම පුද්ගලයාගේ බිරිඳ විසින් ඇල්පිටිය පොලිස් ස්ථානයට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අදාළ පුද්ගලයාගේ මළසිරුර සොයාගැනීමට පොලිසියට හැකි ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ මෙම අතුරුදන් වූ පුද්ගලයාගේ මෘත ශරීරය දෙමටගහකන්ද ප්‍රදේශයේ ඉඩමක පිහිටි පාළු ළිඳකට දමා පස් දමා වසා තිබිය දී ඊයේ (06) දින පොලිසිය විසින් සොයාගනු ලැබූ බවයි.

අදාළ ඉඩමේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී ඔහු විසින් වනසතුන් දඩයම් කිරීමට අදින ලද විදුලි රැහැනක ගැටී මෙම පුද්ගලයා මියයාම හේතුවෙන් ඔහු විසින් තවත් පුද්ගලයෙකු සමඟ එක් ව මෘත ශරීරය එම පාළු ළිඳට දමා වසා ඇති බවට දැනට සිදුකළ විමර්ශනයේ දි අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ඉඩමේ හිමිකරු හා ඔහුට සහාය දුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 38 හා 46 වයස්වල පසු වන දෙමටගහකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ කුපිත වී වටේටම දෙසයි..ඉන්දියාවේ රෙද්ද අස්සේ රි#ගගෙන ආණ්ඩුව වැඩ කරන්නේ
07:39
Video thumbnail
හිටි හැටියෙම සිංහරාජයෙන් මතුවූ දුමාරය..ගම්මුන්ගේ ඇස් උඩ ගිය දර්ශනය මෙන්න
01:19
Video thumbnail
ප්‍රෙට්‍රල් දෙකක් අරගෙන හ#මුන් ගියාද?කවුද කාටද දැන් ඇ#ලා තියෙන්නේ?අර්චුනාගෙන් කතානායකට සැර කතාවක්..
03:18
Video thumbnail
අර්චුනාගෙන් උගන්ඩා අක්කට සැර හින්ට් එකක්..Underwear එකේ ඉදන් අරන් තියෙන්නේ ණයට නේද?
03:37
Video thumbnail
මෝ#යෙක් නොවී වාඩිවෙනවා ඕයි..කෝට්බෝට් දාන් හිටියට තමුන් මහ හොරෙක්..චමින්දගෙන් මහින්දට සැර සත්තමක්
02:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09


?