අනවසරෙන් මගී ප්‍රවාහනයට සූදානමින් සිටි බස් 07කට වැඩ වරදියි

පිටකොටුව, පීපල්ස් පාරක් සිට හැටන්, නාවලපිටිය,ඩයගම ප්‍රදේශ දක්වා අනවසරයෙන් මගී ප්‍රවාහනයට සූදානමින් සිටි බස් රථ කිහිපයකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා.

බස් රථ කිහිපයක් අනවසරයෙන් මගීන් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත ඊයේ (11) රාත්‍රියේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ජංගම පරීක්ෂණ නිලධාරීන් සහ බැස්ටියන් මාවත බස් පර්යන්තයේ රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමක දී එම බස් රථ හසුකර ගැනීමට හැකිව තිබෙනවා.

මෙම වැටලීමේ දී අනවසරයෙන් මගී ප්‍රවාහනයට සූදානමින් සිටි බස් රථ 07කට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක (ධාවන) ශෙරීන් අතුකෝරළ පැවසුවේ.

මෙම බස් රථ මගීන්ගෙන් නියමිත ගාස්තු ඉක්මවා මුදල් අය කර ඇති අතර, මගී ප්‍රවාහනය සඳහා නිසි අවසරයද ලබාගෙන නොතිබූ බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ.

මේ අතර එම කොමිෂන් සභාව මගී ජනතාවට දැනුම් දෙන්නේ, නීත්‍යානුකූල නොවන ප්‍රවාහන සේවාවක් ලබාගැනීමට කටයුතු කළහොත් මගී ජීවිත අනතුරුදායක සහ ආනාරක්ෂිතභාවකට පත්වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
4
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !