අනවසරයෙන් මැණික් ගැරූ 10ක් අල්ලයි (ඡායාරූප)

කාසල්රී ජලාශයේ විශාල වලවල් හාරා පරිසර විනාශයක් සිදු කරමින් අනවසරයෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් 09 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජාතික විදුලි පද්ධතියට ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රී ජලාශ ඉවුරේ විශාල වලවල් හාරා පරිසර විනාශයක් සිදු කරමින් මෙම සැකකරුවන් අනවසරයෙන් මැණික් ගරමින් සිටි බවටයි පොලිසිය සඳහන් කළේ.

නොර්වුඩ් ගැලැන්කන් වත්ත ප්‍රදේශයේ ජලාශය තුල පිරිසක් මැණික් කරමින් සිටින බවට ලද තොරතුරක් මත අද අලුයම නොර්වුඩ් පොලිසිය කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා.

ජලාශයේ ජල මට්ටම අඩු වීමත් සමග සැකකරුවන් ජලාශය තුලට පිවිස ගැඹුරට වලවල් හාරා වල තුල තිබූ ඉල්ලම් සහිත පස් ගොඩගෙන ජලාශයට සෝදා ඇති බවයි පොලිසිය කියාසිටියේ.

මෙම වැටලීමේදි සැකකරුවන් මැණික් ගැරීමට උපයෝගි කරගත උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නොර්වුඩ් ප්‍රදේශයේම පදිංචිකරුවන් බව සඳහන්.

ඔවුන් පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, සැකකරුවන්ට එරෙහිව හෙට හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නීතිමය පියවර ගන්නා බව පොලිසිය ප්‍රකාශ කළා.

මේ අතර මස්කෙළිය මහනෙලු වත්ත ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මැණික් ගැරීමට යොදාගත් උපකරණ ද සමගින්.

43 හැවිරිදි එම පුද්ගලයාට හෙට හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වා පොලිස් ඇප මත නිදහස් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08