AFC Banner
AFC Banner
Empty Ad

අනතුරුදායක ලෙස පුද්ගලයෙකු බොනට්ටුව උඩ තබා රිය පැදවූ අය සොයා පරීක්ෂණ (වීඩියෝ)

ඉතාමත් අනතුරුදායක ලෙස මෝටර් රථයක ඉදිරිපස බොනට්ටුව මත පුද්ගලයෙකු රඳවාගෙන මහා මාර්ගයේ ධාවනය කළ මොටෝරියක් සොයා අනුරාධපුර පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඊයේ (03) දහවල් මෙම සිදුවීම වාර්තා වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මාර්ග නීති සහ රියදුරු නීති උල්ලංඝනය කරමින් මෝටර් රථයේ රියදුරු සිය සගයා ව රථයේ බොනට්ටුව උඩ හාන්සි කරවාගනිමින් ධාවනය කරන අයුරු වීඩියෝ පටියේ දක්නට ලැබෙනවා.

මෙම සිදුවීම අනුරාධපුර – පුබුදුපුර මාර්ගයේ දී සිදු ව ඇති අතර බොනට්ටුව මත ගමන් කළ පුද්ගලයා ව අනුරාධපුර පොලිසියට කැඳවා ප්‍රශ්න කර ඇති බවත් සඳහන්.

නමුත් මෝටර් රථය එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර එහි රියදුරු සහ රථය සොයා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
8
+1
3
+1
2
+1
2
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?