අනතුරුදායක ලෙස පුද්ගලයෙකු බොනට්ටුව උඩ තබා රිය පැදවූ අය සොයා පරීක්ෂණ (වීඩියෝ)

ඉතාමත් අනතුරුදායක ලෙස මෝටර් රථයක ඉදිරිපස බොනට්ටුව මත පුද්ගලයෙකු රඳවාගෙන මහා මාර්ගයේ ධාවනය කළ මොටෝරියක් සොයා අනුරාධපුර පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඊයේ (03) දහවල් මෙම සිදුවීම වාර්තා වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මාර්ග නීති සහ රියදුරු නීති උල්ලංඝනය කරමින් මෝටර් රථයේ රියදුරු සිය සගයා ව රථයේ බොනට්ටුව උඩ හාන්සි කරවාගනිමින් ධාවනය කරන අයුරු වීඩියෝ පටියේ දක්නට ලැබෙනවා.

මෙම සිදුවීම අනුරාධපුර – පුබුදුපුර මාර්ගයේ දී සිදු ව ඇති අතර බොනට්ටුව මත ගමන් කළ පුද්ගලයා ව අනුරාධපුර පොලිසියට කැඳවා ප්‍රශ්න කර ඇති බවත් සඳහන්.

නමුත් මෝටර් රථය එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර එහි රියදුරු සහ රථය සොයා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14