අනතුරට ලක් වූ චීන යාත්‍රාවක ගිය පිරිස බේරා ගන්න ඉන්දියාවේ සහාය

ඉන්දියන් සාගරයේ ගිලී ගිය චීන ධීවර යාත්‍රාවක සිටි පිරිස් බේරා ගැනීම සඳහා මානුෂීය ක්‍රියාමාර්ගයක් ලෙස, ඉන්දියානු නාවික හමුදාව විසින් P81 ගුවන් යානා යොදවා තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය නාවික හමුදාව මේ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දියාවේ සිට 900Nm පමණ දුරින් චීන ධීවර යාත්‍රාවක් වන Lu Peng Yuan Yu 028 අනතුරට ලක්වී ඇති අතර නැවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 39ක් සිටින බව සඳහන්.

චීන, ඉන්දුනීසියා සහ පිලිපීන ජාතිකයන් ඊට ඇතුළත්.

ඉන්දීය ගුවන් යානා අයහපත් කාලගුණය නොතකා පුළුල් සෝදිසි කිරීමක නිරතව සිටින අතර ගිලී ගිය යාත්‍රාවට අයත් දේපළ කිහිපයක් සොයා ගෙන තිබෙනවා.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් පැවසුවේ ඉන්දියන් සාගරයේ මධ්‍යම ප්‍රදේශය හරහා ගමන් කරමින් සිටියදී මෙම යාත්‍රාව පෙරළී ගිය බවයි.

යානයේ සිටි කාර්ය මණ්ඩලයේ 39 දෙනෙකු අතුරුදහන් වී ඇති අතර හදිසි සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

චීන රජය කාර්ය මණ්ඩලය බේරා ගැනීම ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දී තිබෙනවා.

ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, මාලදිවයින සහ පිලිපීනය වැනි රටවල් හදිසි ආධාර ලබා දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළ කර ඇති බවයි චීන බලධාරීන් ප්‍රකාශ කළේ.

මෙම මෙහෙයුම චීනයේ සහ විදේශයන්හි විවිධ අංශවල පැසසුමට ලක්ව ඇති අතර එම රටවලින් ලැබෙන උපකාර චීන රජය අවංකවම අගය කරන බව ද චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා සඳහන් කළා.

අතුරුදන් වූ කාර්ය මණ්ඩලයේ 39 දෙනා සෙවීමේ දී මළ සිරුරු දෙකක් සොයා ගත් බව බීජිං රාජ්‍ය මාධ්‍ය Xinhua පුවත් ඒජන්සිය වාර්තා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
3
+1
3
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?