අධි සුඛෝපභෝගී වෑන් රියක් චැසි අංක රහිත ව හමුවෙයි – සිද්ධිය ගැන පුළුල් විමර්ශන

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ අධි සුඛෝපභෝගී වෑන් රථයක් පුද්ගලයෙකුගේ නිවසේ නවතා තිබියදී සොයාගෙන තිබෙනවා.

අද (31) දහවල් වයඹ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලද තොරතුරක් මත කුලියාපිටිය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට දැනුම්දීමෙන් පසු කුලියාපිටිය මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන ඒකකය මගින් මෙම වාහනය සිය භාරයට ගැනුණා.

පොලිස් භාරයට ගත් වෑන් රිය කුලියාපිටිය – කරන්තිප්පල ප්‍රදේශයේ රමේෂ් පීටර් ප්‍රනාන්දු නමැත්තාගේ නිවසේ තිබියදියි මෙලෙස සොයා ගැනුණේ.

මෙම වාහනයේ චැසි අංකය හෝ ඇන්ජින් අංකය හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලැයිස්තුගත වී නොමැති බවත් හෙළි ව තිබෙනවා.

ඒ අනුව අදාළ වාහනය කොහෙන්, කවුරුන් විසින් රැගෙන එනු ලැබුවේ ද යන්න වැඩිදුර විමර්ශනය කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත ඉදිරි විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා රේගුවේ සහාය ද ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම වාහනය සන්තකයේ තබාගත් පුද්ගලයා ද මේ වනවිට පසුවන්නේ පොලිස් අත්අඩංගුවේයි.

සැකකරු ප්‍රකාශ කර ඇත්තේ අනිල් නමැති පුද්ගලයෙක් මෙම වාහනය තමන්ගේ නිවසේ නතර කර ගිය බවත්; ආ විගස එය රැගෙන යන බවත් ඔහුට දැනුම්දුන් බවයි.

එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන ඔස්සේ ද පරීක්ෂණ කරගෙන යන අතර අදාළ වෑන් රිය එකලස් කිරීමට පටවාගෙන ආ ලොරි රථයක් සහ එහි රියදුරු ද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
2
+1
17
+1
2
+1
1
+1
3
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?