AFC Banner
AFC Banner
Empty Ad

අධි ආරක්ෂිත කලාප නම් කළ හේතුව හෙළිවෙයි

අධි ආරක්ෂිත කලාප නම් කරනු ලැබුවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බව, වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

ආරක්ෂක අමාත්‍යාංශයේ අද (26) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර අධි ආරක්ෂිත කලාප ලෙස නම්කළ ප්‍රදේශයන් තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න පිළිබඳව ජනාධිපතිවරයා තීරණයක් ගන්නා බවයි වැඩබලන රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් සඳහන් කර සිටියේ.

මෙම කලාප තුළ සාමාන්‍ය පරිදි කටයුතු කිරිමට ගැටලුවක් නොමැති නමුත් අනීතික ක්‍රියාවක් සිදුකළ නොහැකි බව ඔහු පවසා සිටියා.

මේ අතර විරෝධතා පැවැත්වීමට පැය 06 කට පෙර පොලිසිය දැනුවත් කර අනුමැතිය ලබාගත යුතු බව ද වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේ දී දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?