AFC Banner
AFC Banner
Empty Ad

අධිවේගී මාර්ගයේ අනතුරකින් වෛද්‍යවරයෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වීදියගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් වෛද්‍යවරයෙකු තුවාල ලබා තිබෙනවා.

එම වෛද්‍යවරයා පදවාගෙන යමින් සිටි මෝටර් රථය ලොරියක ගැටීමෙන් අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

අද දහවල් අනතුර සිදුවී ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 8.7 ආසන්නයේදී යි.

කරාපිටිය රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට ස්ථාන මාරුවක් ලබා සේවයට වාර්තා කිරීම සඳහා යමින් සිටි වෛද්‍යවරක් මෙම අනතුරට ලක්ව ඇතැයි සඳහන්.

මාතර දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ පිටුපස වෛද්‍යවරයා පැදවූ මෝටර් රථය ගැටී තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් වාර්තා වූ වහාම එම ස්ථානයට ළඟා වූ ගැලනිගම පොලිසියේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් තුවාල ලබා සිටි වෛද්‍යවරයාට මූලික ප්‍රතිකාර ලබාදී බණ්ඩාරගම දිසා රෝහල වෙත ඇතුළත් කරනු ලැබුවා.

අනතුරෙන් මෝටර් රථයේ ඉදිරිපසට සහ වම්පස දොරට බරපතල අලාභ හානි සිදු වී තිබෙනවා.

මෝටර් රථය පැදවූ වෛද්‍යවරයාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර වන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?