අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් ධාවනය කළ 10 හැවිරිදි ළමයෙක් පොලිස් භාරයට

ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් ධාවනය කරමින් සිට අවුරුදු 10ක් වයසැති බාලවයස්කාර රියදුරෙක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔහු තම 11 හැවිරිදි සහෝදරිය ද සමග අධිවේගී මාර්ගයක ගමන් කරමින් සිටියදීයි පොලිසිය වාහනය නතර කර පරීක්ෂා කර ඇත්තේ.

ඔවුන් දෙදෙනා නිවසින් අතුරුදන්ව ඇති බවට මව විසින් මීට සතියකට පමණ පෙර පොලිසියට පැමිණිල්ලක් ද කර තිබූ බව සඳහන්.

එම නිවසේ සිට සැතපුම් සිය ගණනක් දුරස්ථ ප්‍රදේශයක අධිවේගී මාර්ගයක මෝටර් රථය ධාවනය කරමින් සිටියදීයි මෙම දෙදෙනා පොලිස් භාරයට ගෙන ඇත්තේ.

මෙම පිරිමි ළමයා තම වැඩිමහල් සහෝදරිය සමග නිවසින් පළා යාමට තීරණය කර ඇත්ත්තේ ඔවුන් සතු දුරකථන, පරිගණක ඇතුලු ඉලෙක්ට්‍රොනික් උපකරණ මව විසින් ලබා ගැනීම හේතුවෙන්.

අධ්‍යාපන කටයුතු මගහැර ගනිමින් ඒවා භාවිත කිරීම හේතුවෙන් අදාළ උපකරණ තම භාරයට ගත් බවයි මව ප්‍රකාශකර ඇත්තේ.

එම කටයුත්තට උරණ වී ඔවුන් දෙදෙනා නිවසින් පළායාමට තීරණය කර ඇති අතර මෝටර් රථය ද සමග දරුවන් දෙදෙනා නිවසින් අතුරුදන් බවට මව පැමිණිලි කර ඇත්තේ ඉන් අනතුරුවයි.

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ රථ වාහන නීතිවලට අනුව පුහුණු වීමේ රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා වයස අවුරුදු 15ක් විය යුතුයි. සම්පූර්ණ බලතල සහිත රියදුරු බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට රියදුරන්ට වයස අවුරුදු 18ක් සම්පුර්ණ විය යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
16
+1
4
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08