අධිබලැති විදුලි රැහැන් කුළුණක ගැටුණු සැහැල්ලූ ගුවන් යානය (ඡායාරූප)

ඇමෙරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ අධිබලැති විදුලි රැහැන් කුළුණක් මතට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී ඊයේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුර හේතුවෙන් මේරිලන්ඩ් ප්‍රාන්තයේ 117,000 ක පමණ පිරිසකට විදුලිය විසන්දි වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී යානයේ ගමන් කරමින් සිටි 66 සහ 65 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

පොළොව මට්ටමේ සිට අඩි 100ක් පමණ උසකින් යානය විදුලි රැහැන් කුළුණේ ගැටී එහි රැඳී ඇති අතර, යානයේ ගමන් ගත් දෙදෙනා පහළට ගැනීමට විශාල වෙහෙසක් දැරීමට ද සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?