අධික වේගයෙන් ආ බස්රිය අධිබලැති විදුලි කණුවක ගැටී දරුණු අනතුරක් (වීඩියෝ)

මහියංගනය – අම්පාර මාර්ගයේ වේවත්ත ප්‍රදේශයේ සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද (14) අලුයම අනතුරක් සිදු වුණා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද අලුයම 12.15ට පමණ මෙම අනතුර සිදු ව ඇත්තේ කොළඹ සිට නින්දූර් බලා ධාවනය කරමින් තිබූ බස් රථයක් බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ දී එහි මගීන් 13 දෙනෙකු සිට තිබෙනවා.

කෙසේවෙතත් අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී නැහැ.

බස් රථය ධාවනය වෙමින් තිබියදී එකවර මාර්ගය හරහා ලොරි රථයක් ඇතුල් කර ඇති අතර අධික වේගයෙන් පැමිණි බස් රථයට එහි වේගය පාලනය කරගැනීමට නොහැකි ව තිබෙනවා.

පසුව බස් රථය මාර්ගයේ තිබූ අධිබලැති විදුලි රැහැන් කුලුනක ගැටී නතර වී තිබෙනවා.

අනතුර හේතුවෙන් එම ප්‍රදේශයේ විදුලිය විසන්ධි වීමක් ද සිදු ව ඇති බවයි පැවසෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
2
+1
5
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?