spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අධිකරණයේදී කණගාටු වූ පොලිස්පති

පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා හා පරිපාලන අංශ භාර නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කොන්දේසි විරහිතව දැඩි කණගාටුව පල කළහ. 

උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා වැඩතහනමට ලක්ව සිටි කාලය සඳහා වහාම හිඟ  වැටුප් ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය  පසුගිය මැයි 8 වැනිදා නියෝගය ඉටු කිරීමට ප්‍රමාද වීම මීට හේතුවයි. 

හිටපු නියෝජ්‍ය පොලිස්පති,වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතාට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා කරමින් උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?