විකුණන්න ගිය වාලම්පූරි 02ක් සමඟ තරුණයෙක් මාට්ටු (ඡායාරූප)

රුපියල් ලක්ෂ 08ක මුදලකට අලෙවි කිරීමට සූදානම් වූ වාලම්පූරි 02ක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුත්තලම කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශණ ඒකකය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සකකරු 23 හැවිරිදි වියේ පසුවන කරවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු ඇගළුම් කර්මාන්තශාලාවක සේවය කරන අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

වාලම්පූරි 02ක් විකිණීම සදහා සූදානම්වන බවට ලැබූ තොරතුරක් මත හෝටල් හිමියෙකු ලෙස පෙනී සිටි පොලිස් උපාය දූතයෙකු අදාළ තරුණයා සමඟ සම්බන්ධතා පවත්වා එය මිලදී ගන්නා බවයි පවසා ඇත්තේ.

ඒ අනුව අලෙවි කිරීම සඳහා පුත්තලම, පාලාවිය ප්‍රදේශයට රැගෙන ආ අවස්ථාවේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

එම වාලම්පූරි දෙක තමන්ට ලැබුණු ආකාරය සැකකරු මෙතෙක් අනාවරණය කර නොමැති අතර, සැකකරු පුත්තලම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42