ස්විමිං පූල් එකේ ඔළුව වැදී හමුදා සෙබළා මිය ගිහින්

පාදුක්ක, රයිගම්වත්ත ඉහළ කොටස ප්‍රදේශයේ පිහිටි හෝටලයක පැවති සාදයක් අතර තුර, එම හෝටලයේ පිහිනුම් තටාකයට පැනීමට ගොස් සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පෙරේදා (03) දිනයේ සිදු වූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යුද හමුදා සාමාජිකක් බවයි ඉංගිරිය පොලිසිය පැවසුවේ.

යුද හමුදා සාමාජිකයින් පිරිසක් එදින අදාළ හෝටලයේ සාදයක් පවත්වා ඇති අතර, එහිදී විනෝද වෙමින් සිටිය දී මෙම සෙබළා පිහිනුම් තටාකයට පැන තිබෙනවා.

එම අවස්ථාවේ දී ඔහුගේ හිස තටාකයේ පැති බැම්මක ගැටීමෙන් මෙම අනතුරට ලක්ව ඇති බවයි මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මාවතගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42ක සෙබළෙක්.

මෘත දේහය සම්බන්ධයෙන්වන පශ්චාත් මරණ පරීක්ෂණ අද (05) දින හෝමාගම මූලික රෝහලේ දී සිදු කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එළදෙන බේරගන්න ගිය ලොරි රථය කාර් රථයක වැදී බිහිසුණු අනතුරක් - එළදෙන එතනම එළොව ගිහින්
03:39
Video thumbnail
Pop Culture Festival වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ Alan Walker දිවයිනට ආපු හැටි
00:24
Video thumbnail
'නවෝදයාපුරම්' නිවාස ව්‍යාපෘතිය ජනපති සුරතින් ජනතා අයිතියට"ලස්සන ජීවිතයක් දුන්නට අනුර මාමාට ස්තූතියි"
02:10
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58