ග්‍රාම නිලධාරීන් රතුඑළි දල්වයි – හෙට සහ අනිද්දා අසනීප නිවාඩු

ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් අඛණ්ඩ වර්ජනයකට සූදානම් බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසනවා.

එම සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජයරත්න මහනුවර දී 05 පැවති මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කළා.

ඒ අනුව හෙට (06) සහ අනිද්දා (07) දෙදින තුළ 14,000කට අධික ග්‍රාම නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගට සිදුකරන බවයි ඔහු පැවසුවේ.

සේවා ව්‍යවස්ථාව ස්ථාපිත කිරීම, කාර්යාල , නිල ඇඳුම්, ලිපි ද්‍රව්‍ය, ගමන් වියදම් විධිමත් පරිදි ලබාගැනීම මෙම වර්ජනයේ ප්‍රධාන අරමුණු බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

“මේ වසරේ ග්‍රාම නිලධාරී සේවාවට වසර 61ක් පිරෙනවා. අපි වසර 18ක් තිස්සේ අපේ ගැටලු ලේකම්වරු 17 දෙනෙක්ට, ඇමතිවරු 05 දෙනෙක්ට වගේම ජනාධිපතිවරු තිදෙනෙකුට ඉදිරිපත් කළත් මේ දක්වා විසඳුමක් නෑ. අපි සාකච්ඡා 41 කට සහභාගි වුණා. අපිට ගමන් වියදම මාසෙකට රුපියල් 600යි. ඒකෙන් පෙට්‍රල් ලීටර් 02ක් ගහන්න පුළුවන්ද, නිල ඇඳුම්
දීමනාව වසරකටම රුපියල් 5000යි. එකම ඇඳුම අවුරුද්දක් අඳින්න පුළුවන්ද. ලිපි ද්‍රව්‍ය සඳහා දෙන්නේ රුපියල් 1500 යි. A4 කොළ බණ්ඩලයක් ගන්න පුළුවන්ද, කාර්යාල දීමනාව 1000-2000 අතර මේ මුදලෙන් කාර්යාලයක් පවත්වාගෙන යන්න පුළුවන්ද. අද පොඩි කාමරයක වුණත් කුලිය කීයද. ලයිට් වතුර බිලම කීයක් එනවද. අපේ සොච්චම් පඩියෙන් තමයි මේවට වියදම් කරන්න වෙන්නේ. අපිට පගා ගහන්න කියනවද. ඉස්සර ග්‍රාම නිලධාරී කියන්නේ ගමේ හොඳ වැදගත්කමින් ජීවත් වුණු අය. අද අපේ වෘත්තිය බල්ලට වැටිලා තියෙන්නේ. රජය තමයි අපි බල්ලට දාලා තියෙන්නේ. තවදුරටත් මේ තත්ත්වය ඉවසන්න බෑ. දින දෙකක් පැවැත්වෙන මේ සංකේත වැඩ වර්ජනයට නිසි පිළිතුරක් ලැබුණේ නැත්නම් ඉතා කඩිනමින් අඛණ්ඩ වර්ජනයකට යෑමට ඒකාබද්ධ ග්‍රාම නිලධාරීන් සම්මේලනය සූදානම්.
මේ රටේ ජනතාවගේ උපතේ සිට මරණය දක්වා ග්‍රාමීය මට්ටමේ, බිම් මට්ටමේ සියලු පරිපාලන කටයුතු කරන්නේ අපි. මේක මැතිවරණ වර්ෂයක් කියලා කියනවා. අපි නැතුව මැතිවරණයක් කරන්න පුළුවන්ද, පුළුවන් නම් කරලා බලන්න කියලා අපි අභියෝග කරනවා. දැන් අපේ මේ වර්ජනයට දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු බලපෑම් කරනවා. අපි ඒ අයට කියන්නේ අපේ වැඩවලට ඇඟිලි ගහන්න එපා කියලයි. ඒ අයගේ දීමනා සියල්ල වැඩි කරගෙන ඉන්නේ. අපි දැක්කා මහ බැංකුවේ පියන්ගේ වැටුප රුපියල් ලක්ෂ දෙකකට ආසන්නයි. අපේ ජීවිත දිනෙන් දිනම කඩා වැටෙනවා. තවදුරටත් ඉවසන්නේ නෑ. ඉදිරි සති දෙක තුළ රට වටා ඉන්න සියලු ග්‍රාම නිලධාරීන් කොළඹට ගෙනල්ලා දැවැන්ත උද්ඝෝෂණයක් කරනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එකපාරම පදවියට අයිස් වැස්සක් පතිතවෙයි - මෙන්න එහි අපූරු දර්ශන
01:18
Video thumbnail
සංගීත සංදර්ශන සංවිධායකවරුන්ගෙන් සැර කතාවක් - දැන් තියෙන්නේ මියුසික් නෙවෙයි මනිසික්
13:32
Video thumbnail
ටින් අංකය ලබාගෙන නැති හැමෝම ඉක්මනින් ලබාගන්න - වැරදි අයුරින් ගත්තොත් නීතිය දැඩිවෙයි
06:14
Video thumbnail
අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා ගිහින්..වසර අවසානයේ බිලියන 100ක වැඩිපුර ආදායමක්
01:52
Video thumbnail
ශ්‍රී ලංකාවේ චීන තානාපති පළමු වරට ඇමති නලින්දව හමුවෙයි
01:24
Video thumbnail
බිස්කට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් අල්ලයි
00:49
Video thumbnail
පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
00:56
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57