අධිකරණයට අපහාස කිරීමක් ගැන රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පෙත්සමක්

විල්පත්තු වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි මරයිච්චුකඩ්ඩි සහ කරඩික්කුලි වනාන්තර එළිපෙහෙළි කිරීමේ සිද්ධියට අදාළ රිට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනු කර ඇති පෙත්සමට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට කල් ලබා දී තිබෙනවා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි අද කැඳවනු ලැබුවේ.

එම අවස්ථාවේදී වග උත්තරකාර රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා ද අධිකරණය හමුවේ පෙනී සිටියා.

එහිදී රිෂාඩ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ මෙම පෙත්සමට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙසටයි.

එම ඉල්ලීමට අවසර දුන් අධිකරණය අදාළ විරෝධතා ජූලි මස 21 වනදාට පෙර ගොනු කරන ලෙසත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට නියම කළා.

ඉන් පසුව පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 28 වනදා කැදවන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කළා.

මෙම පෙත්සම ඉදිරිපත් කළ පරිසර යුක්ති කේන්ද්‍රය කියා සිටින්නේ විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපයට ආශ්‍රිතව පිහිටි මරයිච්චුකඩ්ඩි සහ කරඩික්කුලි වනාන්තර එළිපෙහෙළි කිරීමට එරෙහිව තමන් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළ බවයි.

2020 වසරේ නොවැම්බර් මස 16 වනදා එහි තීන්දුව දුන් අභියාචනාධිකරණය හෙළි පෙහෙළි කරන ලද වනාන්තර සහිත ප්‍රදේශවල යළි වන වගා කිරීමට පියවර ගන්නා ලෙසට වගඋත්තරකාර රිෂාඩ් බතියුදීන් හිටපු අමාත්‍යවරයා වෙත නියෝගයක් නිකුත් කර තිබුණා.

එම නැවත වන වගා කිරීමේ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 1067 ක මුදලක් ගෙවන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගනන් බලා එම මුදල ගෙවන ලෙස රිෂාඩ් බදියුදීන් මහතාට දැනුම් දී තිබුණත් ඔහු මේ දක්වා අදාළ මුදල ගෙවා නොමැති බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

ඒ තුළින් වග උත්තරකාර රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා අධිකරණ නියෝගය පිළිපැදීම පැහැර හැර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාස කොට ඇති බවට තීන්දුවක් දැන් ලබා දෙන ලෙසත් ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?