අධිකරණයට අපහාස කිරීමක් ගැන රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පෙත්සමක්

විල්පත්තු වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි මරයිච්චුකඩ්ඩි සහ කරඩික්කුලි වනාන්තර එළිපෙහෙළි කිරීමේ සිද්ධියට අදාළ රිට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනු කර ඇති පෙත්සමට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට කල් ලබා දී තිබෙනවා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි අද කැඳවනු ලැබුවේ.

එම අවස්ථාවේදී වග උත්තරකාර රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා ද අධිකරණය හමුවේ පෙනී සිටියා.

එහිදී රිෂාඩ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ මෙම පෙත්සමට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙසටයි.

එම ඉල්ලීමට අවසර දුන් අධිකරණය අදාළ විරෝධතා ජූලි මස 21 වනදාට පෙර ගොනු කරන ලෙසත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට නියම කළා.

ඉන් පසුව පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 28 වනදා කැදවන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කළා.

මෙම පෙත්සම ඉදිරිපත් කළ පරිසර යුක්ති කේන්ද්‍රය කියා සිටින්නේ විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපයට ආශ්‍රිතව පිහිටි මරයිච්චුකඩ්ඩි සහ කරඩික්කුලි වනාන්තර එළිපෙහෙළි කිරීමට එරෙහිව තමන් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළ බවයි.

2020 වසරේ නොවැම්බර් මස 16 වනදා එහි තීන්දුව දුන් අභියාචනාධිකරණය හෙළි පෙහෙළි කරන ලද වනාන්තර සහිත ප්‍රදේශවල යළි වන වගා කිරීමට පියවර ගන්නා ලෙසට වගඋත්තරකාර රිෂාඩ් බතියුදීන් හිටපු අමාත්‍යවරයා වෙත නියෝගයක් නිකුත් කර තිබුණා.

එම නැවත වන වගා කිරීමේ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 1067 ක මුදලක් ගෙවන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගනන් බලා එම මුදල ගෙවන ලෙස රිෂාඩ් බදියුදීන් මහතාට දැනුම් දී තිබුණත් ඔහු මේ දක්වා අදාළ මුදල ගෙවා නොමැති බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

ඒ තුළින් වග උත්තරකාර රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා අධිකරණ නියෝගය පිළිපැදීම පැහැර හැර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාස කොට ඇති බවට තීන්දුවක් දැන් ලබා දෙන ලෙසත් ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36