අධිකරණයට අපහාස කළ බවට ගොනුකළ නඩුවෙන් දේශබන්දුට ඇප

වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධධාස අද (25) තීරණය කළා.

ඒ මාතර, වැලිගම පිහිටි හෝටලයක් ⁣අසල වෙඩි තැබීමේ සිදුවීමට අදාළ නඩුවට අප්‍රේල් 10 වනදා ඇප ලබා පිටව යෑමේදී අධිකරණය විසින් ලබා දී තිබූ නියෝග කඩකිරීම හේතුවෙන්.

ඒ අනුව මෙම නඩුව සම්බන්ධව කටයුතු කිරීමට තම අධිකරණයට නෛතික බලයක් නොමැති බව අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා, ඒ සම්බන්ධයෙන් අභියචානාධිකරණය හමුවේ දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නඩු ගොනු කිරීමට කටයුතු කරන ලෙස නීතිපතිවරයාට නියෝග කර සිටියා.

කෙසේ වෙතත් දේශබන්දු තෙන්නකෝන් මෙම නඩුවෙන් බැඳුම්කර සහිතව ඇප මත මුදාහැරීමට නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබුණා.

මෙම නඩුව අද (25) මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගනු ලැබූ අතර මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් කරුණු දැක්වීමක් සිදුකළ අතර, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, ජ්‍යෙෂ්ඨ නීතිඥ දසරාජ් දහනායක, ධම්මික රත්නායක, ලයාන් ඉරංග හේවා යද්දෙහිගේ, රංගජීවන් විදානපතිරණ, ඒ.පී.ඩබ්ලිව් අබේසූරිය, ගිහාන් රත්නායක,සහන් හේවාවිස්ස සහ තවත් නීතිඥ පිරිසක් අධිකරණයේ පෙනී සිටියා.

නඩුවේ පළමු සැකකරු වූ දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න කරුණු දැක්වීමක් සිදුකළ අතර, දෙවන සැකකරු වූ මෝටර් රථයේ රියදුරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ දසරාජ් දහනායක කරුණු දැක්වීමක් සිදුකළා.

එකී කරුණු කෙරෙහි ගරු අධිකරණයේ අවධානයට යොමුකරමින් මාතර ගරු මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා විසින් මෙම නඩුව ගරු අභියාචනාධිකරණය හමුවේ කරුණු දැක්විය යුතු නඩුකරයක් බවද, එබැවින් අභියාචනාධිකරනය හමුවේ මෙම නඩුකරය පවරා පවත්වාගෙන යෑමට ගරු නීතිපතිවරයාට අද දින පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් හරහා දැනුවත් කරන බව ද දන්වා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?