අධිකරණයට අපහාස කළ බවට ගොනුකළ නඩුවෙන් දේශබන්දුට ඇප

වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධධාස අද (25) තීරණය කළා.

ඒ මාතර, වැලිගම පිහිටි හෝටලයක් ⁣අසල වෙඩි තැබීමේ සිදුවීමට අදාළ නඩුවට අප්‍රේල් 10 වනදා ඇප ලබා පිටව යෑමේදී අධිකරණය විසින් ලබා දී තිබූ නියෝග කඩකිරීම හේතුවෙන්.

ඒ අනුව මෙම නඩුව සම්බන්ධව කටයුතු කිරීමට තම අධිකරණයට නෛතික බලයක් නොමැති බව අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා, ඒ සම්බන්ධයෙන් අභියචානාධිකරණය හමුවේ දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නඩු ගොනු කිරීමට කටයුතු කරන ලෙස නීතිපතිවරයාට නියෝග කර සිටියා.

කෙසේ වෙතත් දේශබන්දු තෙන්නකෝන් මෙම නඩුවෙන් බැඳුම්කර සහිතව ඇප මත මුදාහැරීමට නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබුණා.

මෙම නඩුව අද (25) මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගනු ලැබූ අතර මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් කරුණු දැක්වීමක් සිදුකළ අතර, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, ජ්‍යෙෂ්ඨ නීතිඥ දසරාජ් දහනායක, ධම්මික රත්නායක, ලයාන් ඉරංග හේවා යද්දෙහිගේ, රංගජීවන් විදානපතිරණ, ඒ.පී.ඩබ්ලිව් අබේසූරිය, ගිහාන් රත්නායක,සහන් හේවාවිස්ස සහ තවත් නීතිඥ පිරිසක් අධිකරණයේ පෙනී සිටියා.

නඩුවේ පළමු සැකකරු වූ දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න කරුණු දැක්වීමක් සිදුකළ අතර, දෙවන සැකකරු වූ මෝටර් රථයේ රියදුරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ දසරාජ් දහනායක කරුණු දැක්වීමක් සිදුකළා.

එකී කරුණු කෙරෙහි ගරු අධිකරණයේ අවධානයට යොමුකරමින් මාතර ගරු මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා විසින් මෙම නඩුව ගරු අභියාචනාධිකරණය හමුවේ කරුණු දැක්විය යුතු නඩුකරයක් බවද, එබැවින් අභියාචනාධිකරනය හමුවේ මෙම නඩුකරය පවරා පවත්වාගෙන යෑමට ගරු නීතිපතිවරයාට අද දින පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් හරහා දැනුවත් කරන බව ද දන්වා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39