අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු හුදෙක් නව පෙළපොතක් හඳුනවාදීමක් නොවන බවත් සමස්ත පද්ධතියම වෙනස් කිරීමක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
“පොහොසත් රටක් වෙනුවෙන් ගැහැණු අපි එකමිටට” යන තේමාවෙන් සංවිධානය කළ ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් කාන්තා එකමුතුව ඊයේ (26) අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ විභාහ කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය තුළ දරුවන්ට එන පීඩනය, ඒ නිසා දෙමව්පියන්ට ඇතිවන පීඩනය සහ ඒ පීඩනය නිසා ඇති වී තිබෙන තරගකාරීත්වය හරහා ගොඩනැගුණු නරක සමාජීය ප්‍රතිඵල වැනි කාරණා සියල්ලම මෙම ප්‍රතිසංස්කරණ තුළ ආමන්ත්‍රණය කිරීමට බලාපොරොත්තුවන බවයි.
පසුගිය කාලවල පැවති ආණ්ඩු බොහෝ අවස්ථාවල දී අධ්‍යාපනය ඔවුන්ගේ පටු දේශපාලන තීන්දු ක්‍රියාත්මක කිරීමට පාවිච්චි කර ඇති බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී කියා සිටියා.





