අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හුදෙක් නව පෙළපොතක් හඳුනවාදීමක් නෙවෙයි – අග්‍රාමාත්‍යවරිය

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු හුදෙක් නව පෙළපොතක් හඳුනවාදීමක් නොවන බවත් සමස්ත පද්ධතියම වෙනස් කිරීමක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

“පොහොසත් රටක් වෙනුවෙන් ගැහැණු අපි එකමිටට” යන තේමාවෙන් සංවිධානය කළ ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් කාන්තා එකමුතුව ඊයේ (26) අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ විභාහ කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය තුළ දරුවන්ට එන පීඩනය, ඒ නිසා දෙමව්පියන්ට ඇතිවන පීඩනය සහ ඒ පීඩනය නිසා ඇති වී තිබෙන තරගකාරීත්වය හරහා ගොඩනැගුණු නරක සමාජීය ප්‍රතිඵල වැනි කාරණා සියල්ලම මෙම ප්‍රතිසංස්කරණ තුළ ආමන්ත්‍රණය කිරීමට බලාපොරොත්තුවන බවයි.

පසුගිය කාලවල පැවති ආණ්ඩු බොහෝ අවස්ථාවල දී අධ්‍යාපනය ඔවුන්ගේ පටු දේශපාලන තීන්දු ක්‍රියාත්මක කිරීමට පාවිච්චි කර ඇති බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35