AFC Banner
Empty Ad
Empty Ad

අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් හෙට සහ අනිද්දා වෘත්තිය ක්‍රියාමාර්ගයක

හෙට (24) සහ අනිද්දා (25) යන දෙදින තුළ අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය අසනීප නිවාඩු වාර්තාකර සේවයෙන් බැහැරවීමට තීරණය කර තිබෙනවා.

ජාතික අධ්‍යාපන අනධ්‍යයන සේවා ව්‍යවස්ථාව මේ දක්වා ස්ථාපිත කිරීමට කටයුතු නොකිරීමට විරෝධය පළකරමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මහනුවර ප්‍රදේශයේ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න මේ බව සඳහන් කළා.

මේ වන විට අධ්‍යාපන අනධ්‍යයන සේවකයන් වෙනුවෙන් පළාත් නවයේ සේවා ව්‍යවස්ථා 09ක් ද මධ්‍යම රජයේ එක් ව්‍යවස්ථාවක් ද වශයෙන් ව්‍යවස්ථා 10ක් ක්‍රියාත්මකවීම මත අධ්‍යාපන අනධ්‍යයන කාර්ය මණ්ඩල දැඩි ගැටලු රැසකට මුහුණ පා සිටින බව ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?