අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් හෙට සහ අනිද්දා වෘත්තිය ක්‍රියාමාර්ගයක

හෙට (24) සහ අනිද්දා (25) යන දෙදින තුළ අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය අසනීප නිවාඩු වාර්තාකර සේවයෙන් බැහැරවීමට තීරණය කර තිබෙනවා.

ජාතික අධ්‍යාපන අනධ්‍යයන සේවා ව්‍යවස්ථාව මේ දක්වා ස්ථාපිත කිරීමට කටයුතු නොකිරීමට විරෝධය පළකරමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මහනුවර ප්‍රදේශයේ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න මේ බව සඳහන් කළා.

මේ වන විට අධ්‍යාපන අනධ්‍යයන සේවකයන් වෙනුවෙන් පළාත් නවයේ සේවා ව්‍යවස්ථා 09ක් ද මධ්‍යම රජයේ එක් ව්‍යවස්ථාවක් ද වශයෙන් ව්‍යවස්ථා 10ක් ක්‍රියාත්මකවීම මත අධ්‍යාපන අනධ්‍යයන කාර්ය මණ්ඩල දැඩි ගැටලු රැසකට මුහුණ පා සිටින බව ඔහු පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08