Empty Ad
AFC Banner
Empty Ad

“අධ්‍යාපනය යාවත්කාලීන නොවුණොත් දරුවන් උසස් පෙළ හැරයයි” – අධ්‍යාපන ඇමති

අධ්‍යාපනය යාවත්කාලීන නොවුණහොත් දරුවන් උසස් පෙළ අත්හැර වෙනත් විකල්ප තෝරාගැනීමට යොමු වීම වැළැක්විය නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත සියලු‍ දෙනාම මේ පිළිබඳ අවබෝධයෙන් වගකීම්සහගතව හා අවධානයෙන් කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

ජාතික උසස් අධ්‍යාපන සම්මේලනයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

දරුවන්ගේ වයස්ගත වීම අඩු කරමින් ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම්වල ඉදිරියට යාමට අවස්ථා වැඩිකිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණක් වන බවත් ඔහු මෙහිදී පැවසුවා.

ලබන වසර වෙනුවෙන් දුෂ්කර, අතිදුෂ්කර සහ හුදකලා පාසල් සහ පිරිවෙන්වල සියලු සිසුන් වෙත පාවහන් මිළදී ගැනීම සඳහා තිළිණපත් ලබාදීමට පියවර ගෙන ඇති බවත් රජයට ප්‍රතිපාදන නොමැති සංවර්ධන අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් රාජ්‍ය නොවන අංශවල සහාය හෝ ලබාගනිමින් එම කටයුතු ක්‍රියාවට නැංවීමට තමන් උත්සාහ දරන බවත් අමාත්‍යවරයා තවදුරටත් කරුණු දක්වමින් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ෆයර් වෙයි - ආණ්ඩුව හානසි කරවයි - ළමයින්ට ගන්න වෙන්නේ ලැම්බොගිනි තමයි
Video thumbnail
අප්පට සිරි මරු නැටිල්ලනේ යකෝ - ගොන් ආතල් දෙන වැඩිහිටියෝ
01:51
Video thumbnail
පොලිස්පති හැංගෙයි - ප්‍රශ්න ඇහුවම - නලින්ද ගොළු වෙයි
06:03
Video thumbnail
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අහස පොළොව නුහුලන සිද්ධියක්
16:03
Video thumbnail
මහින්දගේ පැටිකිරිය එළියට - කතරගම කිරිවෙහෙර විහාරාධිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
01:45
Video thumbnail
විනාඩි 11යි - දිලීත් ලෙෆ්ට් - චතුරංග සැරටම අමතයි #dilithjayaweera
11:23
Video thumbnail
BREAKING NEWS 🔴බටලන්ද වාර්ථාව පාර්ලිමේන්තුවට
04:01
Video thumbnail
බිලියන 500ක් - පොඩි ගාණක් නෙවෙයි - ඇස් උඩ යන අනාවරණයක්
13:46
Video thumbnail
අනුර ආණ්ඩුවට රිදෙන්නම අමතයි
07:57
Video thumbnail
BREAKING NEWS 🔴හදීසියේ අධිවේගී මාර්ගයට නැවතත් විශේෂ කාර්ය බලකාය කැඳවයි
01:14

?