“අධ්‍යාපනය යාවත්කාලීන නොවුණොත් දරුවන් උසස් පෙළ හැරයයි” – අධ්‍යාපන ඇමති

අධ්‍යාපනය යාවත්කාලීන නොවුණහොත් දරුවන් උසස් පෙළ අත්හැර වෙනත් විකල්ප තෝරාගැනීමට යොමු වීම වැළැක්විය නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත සියලු‍ දෙනාම මේ පිළිබඳ අවබෝධයෙන් වගකීම්සහගතව හා අවධානයෙන් කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

ජාතික උසස් අධ්‍යාපන සම්මේලනයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

දරුවන්ගේ වයස්ගත වීම අඩු කරමින් ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම්වල ඉදිරියට යාමට අවස්ථා වැඩිකිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණක් වන බවත් ඔහු මෙහිදී පැවසුවා.

ලබන වසර වෙනුවෙන් දුෂ්කර, අතිදුෂ්කර සහ හුදකලා පාසල් සහ පිරිවෙන්වල සියලු සිසුන් වෙත පාවහන් මිළදී ගැනීම සඳහා තිළිණපත් ලබාදීමට පියවර ගෙන ඇති බවත් රජයට ප්‍රතිපාදන නොමැති සංවර්ධන අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් රාජ්‍ය නොවන අංශවල සහාය හෝ ලබාගනිමින් එම කටයුතු ක්‍රියාවට නැංවීමට තමන් උත්සාහ දරන බවත් අමාත්‍යවරයා තවදුරටත් කරුණු දක්වමින් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14