අද – හෙට නිහඬ මැතිවරණ කාල සීමාවක් – දෛනික පුවත්වල සිරස්තල විතරක් කියන්න (නිවේදනය)

මෙවර ජනාධිපතිවරණයට අදාළ සියලු මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඊයේ (18) මධ්‍යම රාත්‍රී 12න් අවසන් කෙරුණා.

ඒ අනුව ඊයේ දවස පුරාම ජනාධිපති ධුර අපේක්ෂකයින් ප්‍රවර්ධනය කෙරෙන අවසන් දේශපාලන මැතිවරණ රැලි දිවයිනේ ප්‍රදේශ ගණනාවක පැවැත්වීමට‍යි කටයුතු යොදා තිබුණේ.

කෙසේ වෙතත් ඊයේ මැදියම් රැය වන විට දිවයින පුරා පැවති සියලු දේශපාලන ප්‍රචාරණ රැලි අවසන් කෙරුණු අතර මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර සිටියේ අද (19) දිනය වන විට දිවයින පුරා ඇති සෑම මැතිවරණ ප්‍රාදේශීය අපේක්ෂක කාර්යාල ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි.

ඒ අනුව ඊයේ දින‍ය වන විට මැතිවරණ කොමිෂන් සභාව නිරීක්ෂණය සහ පොලිසියේ මැදිහත් වීම් මත අපේක්ෂකයින් ප්‍රවර්ධනය කෙරෙන පෝස්ටර්ස්, තේමා පට සියල්ලම ඉවත් කෙරුණා.

එබැවින් ඊයේ මධ්‍යම රාත්‍රියෙන් පසු අද සහ හෙට (20) යන දෙදින මැතිවරණ ප්‍රචාරණ කටයුතු තහනම් කළ නිහඬ කාල සීමාවක් පවතින බවයි කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මෙලෙස මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ වූයේ ජූලි මස 28 වැනි දින ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කළ දින සිටයි.

මේ අතර ඊයේ දිනයේ පැවති අවසන් ජන රැලි සම්බන්ධයෙන් වන පුවත් අද දිනයේ දී සෑම විද්‍යුත්, ඩිජිටල් මාධ්‍ය නාලිකාවක් ම එක් ප්‍රවෘත්ති විකාශයක පමණක් විකාශය කළ යුතු අතර, අද දිනයේ දී පළවන ප්‍රවෘත්ති පත්‍රවල ඡායාරූප හා රැස්වීම් වාර්තාව පල කිරීමට මුද්‍රිත මාධ්‍ය හිමියන් කටයුතු කළ යුතු බවයි මැතිවරණ කොමිසම නිවේදනය කර සිටින්නේ.

එමෙන්ම සෑම අපේක්ෂකයෙකුටම එහිදී සමාන කාල සීමාවක් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලත් සමාජ මාධ්‍යවල ද ලබාදිය යුතු බවත් සඳහන්.

දවසේ පුවත්පත් සිරස්තල ඉදිරිපත් කිරීමේ දී දෛනික පුවත්වල සිරස්තල පමණක් ඉදිරිපත් කළ යුතු අතර; කිසිදු දේශපාලන මතයක්, අදහසක් ප්‍රකාශ කිරීම සිදු නොකළ යුතු බවත් එසේ කළහොත් මැතිවරණ කොමිෂන් සභාව විසින් සිය නීතිරීති යටතේ ක්‍රියාත්මක වන බව ද එම නිවේදනයේ දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?