අද – හෙට නිහඬ මැතිවරණ කාල සීමාවක් – දෛනික පුවත්වල සිරස්තල විතරක් කියන්න (නිවේදනය)

මෙවර ජනාධිපතිවරණයට අදාළ සියලු මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඊයේ (18) මධ්‍යම රාත්‍රී 12න් අවසන් කෙරුණා.

ඒ අනුව ඊයේ දවස පුරාම ජනාධිපති ධුර අපේක්ෂකයින් ප්‍රවර්ධනය කෙරෙන අවසන් දේශපාලන මැතිවරණ රැලි දිවයිනේ ප්‍රදේශ ගණනාවක පැවැත්වීමට‍යි කටයුතු යොදා තිබුණේ.

කෙසේ වෙතත් ඊයේ මැදියම් රැය වන විට දිවයින පුරා පැවති සියලු දේශපාලන ප්‍රචාරණ රැලි අවසන් කෙරුණු අතර මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර සිටියේ අද (19) දිනය වන විට දිවයින පුරා ඇති සෑම මැතිවරණ ප්‍රාදේශීය අපේක්ෂක කාර්යාල ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි.

ඒ අනුව ඊයේ දින‍ය වන විට මැතිවරණ කොමිෂන් සභාව නිරීක්ෂණය සහ පොලිසියේ මැදිහත් වීම් මත අපේක්ෂකයින් ප්‍රවර්ධනය කෙරෙන පෝස්ටර්ස්, තේමා පට සියල්ලම ඉවත් කෙරුණා.

එබැවින් ඊයේ මධ්‍යම රාත්‍රියෙන් පසු අද සහ හෙට (20) යන දෙදින මැතිවරණ ප්‍රචාරණ කටයුතු තහනම් කළ නිහඬ කාල සීමාවක් පවතින බවයි කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මෙලෙස මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ වූයේ ජූලි මස 28 වැනි දින ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කළ දින සිටයි.

මේ අතර ඊයේ දිනයේ පැවති අවසන් ජන රැලි සම්බන්ධයෙන් වන පුවත් අද දිනයේ දී සෑම විද්‍යුත්, ඩිජිටල් මාධ්‍ය නාලිකාවක් ම එක් ප්‍රවෘත්ති විකාශයක පමණක් විකාශය කළ යුතු අතර, අද දිනයේ දී පළවන ප්‍රවෘත්ති පත්‍රවල ඡායාරූප හා රැස්වීම් වාර්තාව පල කිරීමට මුද්‍රිත මාධ්‍ය හිමියන් කටයුතු කළ යුතු බවයි මැතිවරණ කොමිසම නිවේදනය කර සිටින්නේ.

එමෙන්ම සෑම අපේක්ෂකයෙකුටම එහිදී සමාන කාල සීමාවක් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලත් සමාජ මාධ්‍යවල ද ලබාදිය යුතු බවත් සඳහන්.

දවසේ පුවත්පත් සිරස්තල ඉදිරිපත් කිරීමේ දී දෛනික පුවත්වල සිරස්තල පමණක් ඉදිරිපත් කළ යුතු අතර; කිසිදු දේශපාලන මතයක්, අදහසක් ප්‍රකාශ කිරීම සිදු නොකළ යුතු බවත් එසේ කළහොත් මැතිවරණ කොමිෂන් සභාව විසින් සිය නීතිරීති යටතේ ක්‍රියාත්මක වන බව ද එම නිවේදනයේ දැක්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32