AFC Banner
Empty Ad
Empty Ad

අද සිට ශ්‍රී ලංකාවට ඉහළින් ඉර මුදුන්වනවා

අද(05) සිට ලබන 15 දක්වා ශ්‍රී ලංකාවට ඉහළින් ඉර මුදුන්වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දහවල් 12 30 ට තල්පේ,තිහගොඩ සහ වැලිපිටියට අද ඉර මුදුන්වන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර ඌව,මධ්‍යම ,දකුණ,බස්නාහිර, සබරගමුව,උතුරු මැද සහ වයඹ පළාත්වලටත්, මන්නාරම හා වව්නියාව දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හා ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

අනුරාධපුර ,මන්නාරම හා වව්නියාව දිස්ත්‍රික්කවලට උදෑසන කාලයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.

වැසි සමග ඇතිවිය හැකි තද සුළං හා අකුණු මඟින් ආරක්ෂාවන ලෙසට ද එම දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?