අද සිට විදුලි කප්පාදුවේ වෙනසක්

පවතින විදුලි අර්බුදය හේතුවෙන් කොළඹ ප්‍රමුඛතා ප්‍රදේශය හැර සෙසු සෑම කලාපයක් සඳහාම අද (05) සිට ලබන 08 වනදා දක්වා දෛනිකව පැය 06යි විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.

ඒ අනුව අද A සිට F දක්වා කලාප සඳහා පෙරවරු 8 සිට දහවල් 12 දක්වා පැය 4ක කාලයක් සහ පස්වරු 5 සිට රාත්‍රී 7.30 දක්වා පැය 02 යි මිනිත්තු 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

G සිට L දක්වා කලාප සඳහා පස්වරු 1 සිට පස්වරු 5 දක්වා පැය 04ක කාලයක් සහ නැවත රාත්‍රි 07.30 සිට රාත්‍රි 10.00 දක්වා පැය 02යි මිනිත්තු 30ක කාලයක් විදුලි විසන්ධි කරයි.

එමෙන්ම කොළඹ ප්‍රමුඛතා ප්‍රදේශය සඳහා අද සිට ලබන 08 වැනිදා දක්වා පැය 03යි මිනිත්තු 30ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?