අද සිට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

කොවිඩ් -19 වසංගතය පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව යාවත්කාලින කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

ආපන ශාලා, සාප්පු සංකීර්ණ, වෙළෙඳසැල්, මුල්‍ය ආයතන, උසස් අධ්‍යාපන ආයතන, සිනමා ශාලාවන්, ශරීර සුවතා මධ්‍යස්ථාන, ක්‍රීඩා, අවමංගල්‍ය උත්සව, උපකාරක පන්ති, විභාග පැවැත්වීම් සහ කර්මාන්ත ශාලා ආදිය පවත්වාගෙන යාමේදී මේ දක්වා පනවා තිබු සීමා ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.

ඉහත ක්‍රියාකාරකම් වල යෙදීමේදී නිසි සෞඛ්‍ය පුරුදු ක්‍රියා මාර්ග වලට අනුගත වෙමින් ජනතාව වැඩ කටයුතු කරගෙන යාමට වගබලා ගත යුතු වන බවයි නව මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වන්නේ.

විවාහ මංගල උත්සව සඳහා අදාළ උත්සව ශාලාවේ ප්‍රමාණයෙන් සීයයට 75ක ප්‍රමාණයකට සහභාගිවීමට අවසර ලබාදී ඇත. එමෙන්ම පෞද්ගලික ඒකාරාශි කිරීම්, සම්මන්ත්‍රණ සහ වෙළෙඳ ප්‍රදර්ශණ ආදී කටයුතු සඳහා ද එකවර කැඳවීමට අවසර ලබාදී ඇත්තේ 75%ක පිරිසකටය.

නා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව පහතින් දැක්වේ.

h 3
h 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?