අද වනවිට කොරෝනා තත්ත්වය මෙන්න..

අද(23) උදෑසන වනවිට මෙරටින් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 787 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම ආසාදිතයින් අතරින් 3 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ලාංකිකයින් ය.

ඉතිරි ආසාදිතයින් 784 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වේ.

හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 139 කි.

ඊට අමතරව, නුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 108ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 101ක් ලෙස වාර්තා වී තිබේ.

අනෙක් ආසාදිතයින් 436 වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.

අද(23) උදෑසන වනවිට මෙරට සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 56,862 ක් ලෙස සටහන්ව ඇති අතර ඉන් පුද්ගලයින් 48,616 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ආසාදිතයින් 7,968 දෙනෙකු මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබනු ඇති.

මේ අතර තව ත් කොරෝනා ආසාදිත මරණ 02 ක් ඊයේ වාර්තා විය.

ඔවුන් කොළඹ සහ හෝමාගම යන ප්‍රදේශයන්හී පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ.

ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත මරණ කොරෝනා සංඛ්‍යාව 278 කි.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ඊයේ (22) දිනය තුළ PCR පරීක්ෂණ 19,285 ක් සිදු කළ බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?