අද මැදියම් රැයේ සිට ඉන්ධන මිලේ වෙනසක් ?

මාසයකට වරක් සිදුවන ඉන්ධන මිල සංශෝධනයට අනුව අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල සංශෝධනයක් සිදු වීමට නියමිතව තිබෙනවා.

ගතවූ මාස කිහිපය තුල අවස්ථා ගණනාවකදී ඉන්ධන මිල ගණන් සංශෝධනයට ලක්වූ අතර අවසන් වරට මිල සංශෝධනයක් සිදු වූයේ පසුගිය අප්‍රේල් මස 30 වනදා මධ්‍යම රාත්‍රියේදීයි.

එහිදී ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 7කින් සහ 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් පහත දැමුණා.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 15කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 125කින් පහත දැමීමටයි කටයුතු කෙරුණේ.

මේ අතර මිල සංශෝධනයට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට නියමිතව තිබෙනවා.

පසුගියදා ප්‍රකාශ කෙරෙැණේ මෙවර ද ඉන්ධන මිල පහළ දමන බවයි.

QR ක්‍රමවේදය හරහා මේවනවිට නිකුත් කරන ඉන්ධන කෝටාව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමුණා.

ඒ, අනුව යතුරු පැදියක් සඳහා සතියක කාලයක් වෙනුවෙන් මෙතෙක් නිකුත් කළ ලීටර් 07ක ඉන්ධන කෝටාව ඉහළ දමා ඇත්තේ ලීටර් 14ක් දක්වායි.

ත්‍රී රෝද සඳහා සතියකට නිකුත් කළ ලීටර් 8ක ඉන්ධන ප්‍රමාණය ද ලීටර් 14ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම ලියාපදිංචි කළ ත්‍රී රෝද රථ සඳහා මෙතෙක් ලබාදුන් ලීටර් 15ක ඉන්ධන කෝටාව ලීටර් 22ක් දක්වා ඉහළ දැමූ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ.

මෝටර් රථ සහ වෑන් රථ සඳහා ලබාදුන් ලීටර් 30ක ඉන්ධන ප්‍රමාණය ලීටර් 40 දක්වා ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම බස් රථ සඳහා ලබාදුන් ලීටර් 60ක ඉන්ධන ප්‍රමාණය සහ ලොරි රථ සඳහා ලබාදුන් ලීටර් 75 ඉන්ධන ප්‍රමාණය ද ලීටර් 125ක් දක්වා ඉහළ දැමීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
24
+1
8
+1
34
+1
8
+1
7
+1
9
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?