අද මැදියම් රැයේ සිට ඉන්ධන මිලේ වෙනසක් ?

මාසයකට වරක් සිදුවන ඉන්ධන මිල සංශෝධනයට අනුව අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල සංශෝධනයක් සිදු වීමට නියමිතව තිබෙනවා.

ගතවූ මාස කිහිපය තුල අවස්ථා ගණනාවකදී ඉන්ධන මිල ගණන් සංශෝධනයට ලක්වූ අතර අවසන් වරට මිල සංශෝධනයක් සිදු වූයේ පසුගිය අප්‍රේල් මස 30 වනදා මධ්‍යම රාත්‍රියේදීයි.

එහිදී ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 7කින් සහ 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් පහත දැමුණා.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 15කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 125කින් පහත දැමීමටයි කටයුතු කෙරුණේ.

මේ අතර මිල සංශෝධනයට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට නියමිතව තිබෙනවා.

පසුගියදා ප්‍රකාශ කෙරෙැණේ මෙවර ද ඉන්ධන මිල පහළ දමන බවයි.

QR ක්‍රමවේදය හරහා මේවනවිට නිකුත් කරන ඉන්ධන කෝටාව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමුණා.

ඒ, අනුව යතුරු පැදියක් සඳහා සතියක කාලයක් වෙනුවෙන් මෙතෙක් නිකුත් කළ ලීටර් 07ක ඉන්ධන කෝටාව ඉහළ දමා ඇත්තේ ලීටර් 14ක් දක්වායි.

ත්‍රී රෝද සඳහා සතියකට නිකුත් කළ ලීටර් 8ක ඉන්ධන ප්‍රමාණය ද ලීටර් 14ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම ලියාපදිංචි කළ ත්‍රී රෝද රථ සඳහා මෙතෙක් ලබාදුන් ලීටර් 15ක ඉන්ධන කෝටාව ලීටර් 22ක් දක්වා ඉහළ දැමූ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ.

මෝටර් රථ සහ වෑන් රථ සඳහා ලබාදුන් ලීටර් 30ක ඉන්ධන ප්‍රමාණය ලීටර් 40 දක්වා ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම බස් රථ සඳහා ලබාදුන් ලීටර් 60ක ඉන්ධන ප්‍රමාණය සහ ලොරි රථ සඳහා ලබාදුන් ලීටර් 75 ඉන්ධන ප්‍රමාණය ද ලීටර් 125ක් දක්වා ඉහළ දැමීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
24
+1
8
+1
34
+1
8
+1
7
+1
9
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43