AFC Banner
Empty Ad
Empty Ad

අද මාතෘභූමියට අවශ්‍ය ලැබූ නිදහස අර්ථවත් කරගැනීමේ ක්‍රියාවලියක් – අගමැතිගේ නිදහස් දින පණිවුඩය

අද වනවිට මාතෘභූමියට අවශ්‍යව ඇත්තේ ලැබූ නිදහස අර්ථවත් කරගැනීමේ ක්‍රියාවලියක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 

ජාතීන් අතර සමගිය වර්ධනය කරගැනීම හා ආගමික සංහිඳියාව ඊට දක්වන්නේ ප්‍රබල පිටුබලයක් බව 73 වන නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

යුද ශක්තිය මෙන්ම දේශපාලන, ආගමික හා සංස්කෘතික මුහුණුවරින් ද උපක්‍රමික අරගලවල යෙදෙමින් නිදහස දිනාගත් අතීතයක් ශ්‍රී ලාංකේය ජාතියට හිමි බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවෙන් නිදහස තවත් අර්ථවත් වනවිට “ඉසුරුමත් හෙට දිනක් – සෞභාග්‍යමත් මව්බිමක්” යන්න යථාර්තයක් වනුඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය නිදහස් දින පණිවුඩයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?