සමස්ත පෞද්ගලික බස් දහඅට දහසක් අතරින් ඊයේ ධාවනය වූයේ බස් රථ දහසක් පමණක් බවත් ප්‍රමාණවත් ඉන්ධන නොලැබීම හා බස් රථවලින් සියයට අනූවක්ම පෝලිම්වල පැවතීමෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.
අද දිනයේදී බස් රථ 2000 ක් හෝ ධාවනය කිරීමට හැකිවනු ඇති බවත් ලංගම ඩිපෝ හරහා ඩීසල් ලීටර් 75 බැගින් පෞද්ගලික බස් රථවලටද සැලකිය යුතු පරිදි ඩීසල් ඊයේ ලැබී තිබුණු බවත් හෙතෙම පැවසිය. බස් ගාස්තුව වැඩිවීම හා අඩු බස් සංඛ්‍යාවක් ධාවනය යෙදීම නිසා බස් රථයකින් ලැබෙන ආදායම තුන්ගුණයකින් වැඩි වී තිබෙන බවත් මේ වාසිදායක තත්ත්වය වාසියකට ගනිමින් ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් සඳහා ඉන්ධන ලබාදීම සීමා කර තිබෙන බවත් හෙතෙම කීවේය.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ පන්දහසක් අතරින් 4000 ක්ම ධාවනය කරන බව එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච් පණ්ඩුක ස්වර්ණහංස පැවසීය.
කෙසේ වෙතත් දුම්රිය 350 කට ආසන්න සංඛ්‍යාවක් දෛනික ධාවනයට එක්කර තිබෙන බවත් මගී අවශ්‍යතාව සැලකිල්ලට ගෙන මැදිරි සහ දුම්රිය සංඛ්‍යාව ඉදිරියේදී වැඩි කරන බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පැවසීය.




