AFC Banner
Empty Ad
Empty Ad

අද දිනයේදී පැය 13ක් විදුලිය කපා හැරීමට නියමිතයි.

අද දිනයේදී කලාප වශයෙන් පැය 13 ක කාලයක් විදුලිය කපා හැරීමට නියමිතයි.

ජල විදුලිය උත්පාදනය අවම වීමත් විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් පරිදි නොමැතිවීමත් සැළකිල්ලට ගෙනයි ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම සඳහා මහජන උපයෝගීතා කොමිසම එම අවසරය ලබාදී ඇත්තේ.

මේ අනුව ඒ සිට එෆ් දක්වා කලාප සඳහා අලුයම 03 සිට පෙරවරු 06 දක්වා පැය 3 ක්ද – දහවල් 12 සිට පස්වරු 04 දක්වා පැය 04 ක්ද / පස්වරු 06 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 06 ක්ද විදුලිය කපා හැරෙනු ඇති.

ජී සිට එල් දක්වා කලාප සඳහා අලුයම 12 සිට අලුයම 03 දක්වා පැය 03 ක් / පෙරවරු 08 සිට දහවල් 12 දක්වා පැය 04 ක් සහ පස්වරු 04 සිට රාත්‍රී 10 දක්වා පැය 06 ක් විදුලිය කපා හැරෙනවා.

පී සිට එස් දක්වා කලාප සඳහා අලුයම 03 සිට පෙරවරු 06 දක්වා පැය 3 ක්ද – දහවල් 12 සිට පස්වරු 04 දක්වා පැය 04 ක්ද / පස්වරු 06 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 06 ක්ද ලෙස විදුලිය කපා හැරීමට නියමිතයි.

ටී සිට ඩබ්ලිව් දක්වා කලාප 04 කට අලුයම 12 සිට අලුයම 03 දක්වා පැය 03 ක් / පෙරවරු 08 සිට දහවල් 12 දක්වා පැය 04 ක් සහ පස්වරු 04 සිට රාත්‍රී 10 දක්වා පැය 06 ක් විදුලිය කපා හැරෙනවා.

එම් එන් ඕ එක්ස් වයි සහ ඉසෙඩ් යන කලාප සඳහා පෙරවරු 05.30 සිට පෙරවරු 09 දක්වා පැය 3.30 ක්ද පස්වරු 04 සිට පස්වරු 06 දක්වා පැය 02 ක්ද ලෙස විදුලිය කපා හැරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?