අද කොවිඩ් එන්නත් ලබා ගත හැකි ස්ථාන මෙන්න

පනාගොඩ – බෝධිරාජාරාමය, වේරහැර පළමුවන වෛද්‍ය බලකා කඳවුර සහ නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී අද සිට  වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම සිදු කෙරෙනවා.

එසේම පසුගිය ජූලි 5 සහ 6 දින දෙකෙහි ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව ලබාදීම අද සහ හෙට සිදු කෙරෙන බවයි යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ අනුව ගාල්ල – විද්‍යාලෝක විදුහලේදී සහ මාතර – මහින්ද රාජපක්ෂ මහ විද්‍යාලයේදී සයිනොෆාම් එන්නතේ දෙවන  මාත්‍රාව ලබා ගත හැකියි.

කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ සිදුවන එන්නත්කරණ වැඩසටහන අද දිනයේත් පැය විසි හතර පුරා ක්‍රියාත්මකයි.

ඒ අනුව ඕනෑම ස්ථානයකින් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අයෙකුට විහාරමහාදේවි උද්‍යානය වෙත පැමිණ එහි දෙවන මාත්‍රාව ලබාගත හැකි බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.

එමෙන්ම, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව මෙතෙක් ලබාගෙන නොමැති පුද්ගලයින්ට අද දිනයේත් බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට පැමිණ එය ලබා ගත හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා. අද පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා ඒ සඳහා අවස්ථාව පවතින බවයි ඔහු කියා සිටියේ.

vaccination centres
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?