AFC Banner
Empty Ad
Empty Ad

අද කාලගුණය

නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (25) උදෑසන නිකුත් කළ කාලගුණ නිවේදනයෙන් පෙන්වා දෙයි.

ඒ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් කරයි. 

සබරගමුව පළාතේ සහ නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ද ඇතිවිය හැකි අතර බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවේ.

උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි ස්වල්පයක් පවතී.

දිවයින හරහා සුළගේ වේගය විටින්විට පැ.කි.මී. 50ත් 60ත් දක්වා වැඩිවිය හැකි අතර විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු මැද සහ වයඹ පළාත්වලත් කෑගල්ල, වව්නියාව, මුලතිව්, මන්නාරම, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින්විට පැ.කි.මී. 70 දක්වා වැඩිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?